පක්ෂ, විිපක්ෂ මන්ත්‍රීවරුන්ට අගමැතිගෙන් ඍජුවම ප්‍රශ්න කරන්න සතියකට දවසක්

Friday, 20 November 2015 - 8:26

%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%2C+%E0%B7%80%E0%B7%92%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8D%E0%B6%A2%E0%B7%94%E0%B7%80%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න නැගීම සඳහා අග්‍රාමාත්‍යවරයා සතියකට දිනක් වෙන් කිරීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ට ඍජුවම තමාගෙන් ප්‍රශ්න නැගීමට අවස්ථාවක් ලබාදීම අග්‍රාමාත්‍යවරයා මෙමගින් අපේක්ෂා කරන බව සඳහන්. මේ අනුව, සෑම බ්‍රහස්පතින්දා දිනකම මන්ත්‍රීවරුන්ට අග්‍රාමාත්‍යවරයා වෙතින් පාර්ලිමේන්තුවේදී ඍජුවම ප්‍රශ්න නැගිය හැකියි.

පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී ඒ සඳහා පැය භාගයක කාලයක් වෙන් කෙරෙනු ඇති. මන්ත්‍රීවරුන්ට මෙලෙස තමාගෙන් ප්‍රශ්න නැගීම සඳහා කාලය වෙන් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කථානායකවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා. ඇසීමට බලාපොරොත්තු වන ප්‍රශ්න අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත යොමුකරන ලෙස කථානායකවරයා මන්ත්‍රීවරුන්ට දැනුම්දීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories