ජගත් සංවිධානයේ ඇමරිකානු නියෝජිතවරිය, සමන්තා පවර් ශ්‍රී ලංකාවට

Friday, 20 November 2015 - 8:48

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%2C+%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%80%E0%B6%BB%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු නිත්‍ය නියෝජිතවරිය වන සමන්තා පවර් හෙට (21) ශ්‍රී ලංකාවේ සංචාරයක් ආරම්භ කරනවා. ඇය ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාවේ සංචාරයකින් අනතුරුවයි. ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ද්වීපාර්ශවික සබඳතා ශක්තිමත් කරලීම පිළිබඳව ඇය මෙරට රජයේ බලධාරින් සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි. විශේෂයෙන් යුද්ධයෙන් පසු සංහිඳියාව සහ වගවීම පිළිබඳව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ඇය මෙහිදී ඇගයීමකට ලක් කරනු ඇති. ජගත් සංවිධානයේ ඇමරිකානු නියෝජිතවරිය සිය ශ්‍රී ලංකා සංචාරයේදී යාපනයේ ද චාරිකා කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories