උඩරට යකඩයකා යළි දුවයි

Friday, 20 November 2015 - 10:26

%E0%B6%8B%E0%B6%A9%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BA%E0%B6%9A%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
පට්ටිපොල සහ ඔහිය දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලිපැනීමකට ලක්වීම නිසා අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.

ඊයේ පස්වරුවේ මෙලෙස පීලිපැනීමකට ලක්වූයේ හපුතලේ දක්වා ධාවනය කරමින් තිබූ භාණ්ඩ රැගත් දුම්රියක්.

මේ නිසා ඊයේ රාත්‍රියේ බදුල්ල දක්වා ධාවනය වීමට නියමිතව තිබූ තැපැල් දුම්රිය නානුඔය දක්වා පමණක් ධාවනය කෙරුණු බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories