සෞදියේදී ගල් ගසා මරන්න නියම වූ මරදානේ කාන්තාව වෙනුවෙන් තවත් අභියාචනයක්

Saturday, 21 November 2015 - 8:36

%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%83%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අනියම් සබඳතාවක් පැවැත්වීම සම්බන්ධයෙන් වැරදිකාරියක වීම නිසා සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියම වූ ශ්‍රී ලාංකික කාන්තාව වෙනුවෙන් එරට අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන්. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසීම් සදහන් කළේ එම කාන්තාව වෙනුවෙන් උපරිම සහනයක් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙරට ජනතාව සෞදි අරාබියේ රැකියාවන් සඳහා පැමිණීමේදී එහි නීතිරීති සහ සංස්කෘතිය පිළිබඳව මනා දැනුමක් තිබිය යුතු බවයි.

මරදානේ පදිංචි - සිද්ධියට සම්බන්ධ මෙම කාන්තාව විවාහක තැනැත්තියක් වන අතර, ඇය සමග සබඳතා පැවැත්වූ ශ්‍රී ලාංකික අවිවාහක තරුණයාට ද කස පහර ලබාදීමට සෞදි අධිකරණය තීරණය කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories