රෝහලේ ගුටි කෙලිය

Sunday, 22 November 2015 - 10:09

%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B6%A7%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%BA
බෙලිඅත්ත රෝහලේදී නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකුට ඊයේ රාත්‍රී නාඳුනන පිරිසක් තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකර තිබෙනවා. බරපතල තත්ත්වයේ පසුවන මොහු බෙලිඅත්ත රෝහලේ සිට තංගල්ල රෝහල වෙත මාරු කර යවා ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පවුල් ආරවුලක් මත පිරිසක් බෙලිඅත්ත රෝහලේ නේවාසිකව ලබන වෙනත් රෝගියෙකුට පහරදීමට පැමිණ ඇති අතර රෝගියා හඳුනාගත නොහැකිව මෙම පුද්ගලයාට පහරදී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වුණා.   

බෙලිඅත්ත රෝහලේදී මෙලෙස පහරකෑමට ලක්වූයේ 27 හැවිරිදි වීරවිල ගුවන් හමුදා කඳවුරේ සේවය කරන හමුදා සෙබලෙක්. මොහු මීට දින දෙකකට පෙර උණ රෝගය හේතුවෙන් රෝහල් ගතකර සිටි අතර, මෙම පහරදීම සිදුකළ පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. කෙසේ වෙතත්  මෙම පහරදීමෙන් රෝහල් සේවකයෙකුද තුවාල ලබා ඇති අතර, අදාළ පිරිස පහරදීමට පැමිණි පුද්ගලයාද සිද්ධියෙන් පසු රෝහලෙන් පළාගොස් තිබෙනවා.









ඡායාරූප - සනත් ගමගේ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories