සමන්තා පවර් අද ජනපති සහ අගමැති හමුවෙයි

Monday, 23 November 2015 - 8:52

%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%80%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු නිත්‍ය නියෝජිත සමන්තා පවර් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිතයි.

මෙහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සහ ප්‍රතිසන්ධාන කටයුතු පිළිබදව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර, ඇමරිකානු නිත්‍ය නියෝජිත සමන්තා පවර් ඊයේ යාපනයේ සංචාරයේ නිරත වුණා.

එහිදී උතුර පළාත් ආණ්ඩුකාර එච්.එම්.ජී.එස්. පලිහක්කාර සහ යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් හමුවූ ඇය ඉන් අනතුරුව උතුර පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් සහ පළාත් සභා මන්ත්‍රිවරුන් සමඟද සාකච්ඡාවක් පැවැත්වූවා.

මීට අමතරව යාපනය පුස්තකාලයේ සංචාරයකද නිරතවූ අතර ඇය පසුව පාසල් දරු දැරියන් සමඟ ද එල්ලේ ක්‍රීඩාවේ නිරත වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories