ජෙයරාජ් ඝාතන සැකකරුවන් යළි රිමාන්ඩ්

Monday, 23 November 2015 - 13:37

%E0%B6%A2%E0%B7%99%E0%B6%BA%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතන සිද්ධියේ සැකකරුවන් වන ගම්පහ හිටපු සහකාර පොලිස් අධිකාරී ලක්‍ෂ්මන් කුරේ ඇතුලූ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් දෙදෙනා ලබන වසරේ අප්‍රේල් 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ගම්පහ මහාධිකරණය අද නියෝග කළා.

මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට ඉදිරියේ මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදියි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

2008 වසරේ අප්‍රේල් 18 වනදා වැලිවේරිය - කාන්ති ක්‍රීඩාංගණය අසලදී එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇතුලූ පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඝාතනයට කුමන්ත්‍රණය කිරීම, අනුබලදීම ඇතුලූ චෝදනා 31 යටතේයි සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories