UPDATE: දුම්රිය වර්ජනය අත්හිටුවයි - 'රියදුරු බීලා'- මගීන්ගෙන් තවදුරටත් චෝදනා

Tuesday, 24 November 2015 - 7:48

UPDATE%3A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92+-+%27%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B6%E0%B7%93%E0%B6%BD%E0%B7%8F%27-+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
ඊයේ (23) රාගම දුම්රිය ස්ථානයේදී දුම්රිය රියදුරෙකු පහරදීමකට ලක්වූ බව පවසමින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටවූ බව දුම්රිය රියදුරන්ගේ  වෘත්තීය සමිතිය කියයි.

කෙසේ වෙතත්  දුම්රිය රියැදුරන් පිරිසකගේ වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන්වාර 25ක් පමණ අවලංගු වී ඇති බව මගී සංගම් කියයි. ඉන් ගමන්වාර 22ක්ම කාර්යාල දුම්රිය බැවින් මගීන්ගේ දෛනික කටයුතුවලට බාධා පැමිණ තිබේ.

මේ අතර ඊයේ සිද්ධියේ රියදුරු මත්පැන් පානය කර සිටි බව හිරු ප්‍රවෘත්ති අංශයට කරුණු දැක්වූ  මගීන් තවදුරටත් පවසයි.

Update: Tuesday, 24 November 2015 - 09:39
----------------------------------------------------------

'රියදුරු බීලා' - දුම්රිය මගීන්ගෙන් චෝදනා - රියදුරු රෝගීවී සිටි බව තහවුරු වෙයි - වර්ජනයක් අද


ඊයේ පස්වරු 6.35ට කොළඹ කොටුවේ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රිය රාගම දුම්රිය ස්ථානයේදී හදිසියේ නතර කර තිබෙනවා. කෙසේ වෙතත්, දුම්රියෙහි ගමන් ගත් මගීන් කිහිප දෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ දුම්රියේ රියදුරා බීමත්ව සිටීම නිසාවෙන් දුම්රිය නතර කර තිබූ බවයි. අප මේ සම්බන්ධයෙන් දුම්රිය පාලක මැදිරියෙන් සිදුකළ විමසීමකදී දුම්රිය රියදුරාට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් දුම්රිය නතර කළ බව එහි ප්‍රකාශකයෙකු සදහන් කළා.

දුම්රියේ රියදුරා බීමත්ව ඇති බවට දුම්රිය මගීන්ගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා. එහිදී තහවුරු වී ඇත්තේ රියදුරා අධික රුධිර පීඩනය සහ දියවැඩියා රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ක්ලාන්ත වී ඇති බවයි.

ඊයේ විනාඩි 20ක පමණ කාලයක් දුම්රිය ඇණහිටීම නිසා අදාළ දුම්රිය රාගම දුම්රිය ස්ථානයේ නවතා තිබූ අතර ඊට පිටුපසින් පැමිණි දුම්රිය කිහිපයක් ගමන් කිරීමට නොහැකිව අපහසුතාවට ලක්වුණා. පසුව වෙනත් දුම්රියක රියදුරෙකු ආධාරයෙන් නතර වූ දුම්රිය ගමන් කරවීමට කටයුතු කර තිබෙනවා.  

 මේ අතර, ඊයේ රාගම දුම්රිය ස්ථානයේදී දුම්රිය රියදුරෙකු පහරදීමකට ලක්වූ බව පවසමින් දුම්රිය කිහිපයක් ධාවනය නොකිරීමට දුම්රිය ධාවන රියදුරු සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද දිනයේ සියලූම මාර්ගවල ප්‍රධාන දුම්රිය හැර අනෙකුත් දුම්රිය අඩුවීමක් අපේක්ෂා කළ හැකි බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

 එමෙන්ම සම්පූර්ණ දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කිරීම පිළිබදව අද උදෑසන සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories