ජනතා දේපළ කොල්ල කෑ පුද්ගලයින් මේ ආණ්ඩුවෙත් ඉන්නවා

Tuesday, 24 November 2015 - 8:35

%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AF%E0%B7%9A%E0%B6%B4%E0%B7%85+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%91+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B7%8F
ජනතා දේපළ කොල්ල කෑ පුද්ගලයන් රැසක් වත්මන් රජයේ ද කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ දූෂිතයන්ට දඩුවම් ලබාදෙන ලෙස රජයට බල දූෂණ විරෝධී හඬ කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට ඊයේ සංවිධානය කර තිබූ උද්ඝෝෂණයකට එක්වෙමිනි.

මෙම උද්ඝෝෂණයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, දේශපාලන පක්ෂ ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් එක්ව සිටියේය.

ඔවුන් ටෙක්නිකල් මං සන්ධියේ සිට පා ගමනකින් කොළඹ කොටුව දුම්රියපොළට පැමිණි අතර ඒ අවස්ථාවේදී වාහන ගමනාගමනට බාධා එල්ල විය.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories