ශ්‍රී ලාංකිකයන් 16ක් අයි.එස්. සමඟින්

Tuesday, 24 November 2015 - 13:14

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+16%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
සිරියාවේදී මිය ගිය පළමු ශ්‍රී ලාංකික අයි.එස්. ත්‍රස්තවාදියා සමඟ මෙරට 16 දෙනෙකු තම සංවිධානයට බැදුණු බව අයි.එස්. ප්‍රචාරක සඟරාවක් සදහන් කර තිබෙනවා.

ඩාබික් නමැති එම සඟරාව ගලේවෙල පදිංචිව සිටි මූස්ලි ලිලාම්දන් නමැති එම ශ්‍රී ලාංකිකයා හඳුන්වා ඇත්තේ අබු ශුරායා හෙවත් සිලානි ලෙසයි. එහිදී සිලානි යන නම එක්කර ඇත්තේ ඔහු ශ්‍රී ලංකාවෙන් පැමිණි බැවින්. මෙම ශ්‍රී ලාංකිකයා සමඟ ඔහුගේ පවුලේ සාමාජිකයන් පිරිසක් ද අයි.එස්. සංවිධානයට එක්වූ බවයි ඩාබික් සඟරාව සදහන් කර ඇත්තේ.

කෙසේ නමුත්, සිරියාවේදී මිය ගිය ශ්‍රී ලාංකිකයා සමඟ තවත් ශ්‍රී ලාංකිකයන් එලෙස අයි.එස්. සංවිධානයට එක්වී ද යන්න පිළිබදව මෙරට බුද්ධි අංශ අවධානයෙන් පසුවන බව රජයේ ප්‍රකාශකයෙකු සදහන් කළා.

ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ ජාත්‍යන්තර ත්‍රස්ත කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර බුද්ධි අංශ සමඟ නිරන්තරයෙන් අදහස් හුවමාරු කර ගනු ලබනවා. ඒ අනුව අන්තර්ජාලය ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලාංකිකයන් පිළිබදව පළවන තොරතුරු සම්බන්ධයෙන් මෙරට බුද්ධි අංශ ක්‍රියාත්මක වන බවයි රජයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේ.

කෙසේ නමුත් අයි.එස්. සංවිධානයෙන් හෝ එහි ක්‍රියාකාරකම් මගින් ශ්‍රී ලංකාවට මෙතෙක් තර්ජනයක් එල්ල වී නොමැති බවත් ඔහු අවධාරණය කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories