ඉස්කෝලේදීම සිංහල දෙමළ බෙදලා- සංහිදියාව කොහෙන්ද?

Tuesday, 24 November 2015 - 13:17

%E0%B6%89%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B6%BD%E0%B7%8F-+%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%3F
ශ්‍රී ලංකාවේ සිංහල සහ දෙමළ ජන කොටස් අතර සමීප සුහදත්වයක් ගොඩනැගීම සඳහා සංහිදියා ක්‍රියාවලිය ඉවහල් වනු ඇතැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසනවා. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සංචාරයක නිරත වෙමින් ඇය හින්දු පුවත්පතට ප්‍රකාශ කළේ ඒ සඳහා තවත් කාලයක් ගත විය හැකි බවයි.

සිංහල - දෙමළ සුහදත්වය රටේ ඉදිරි ගමනට අතව්‍යශ වන බවත් හිටපු ජනාධිපතිනිය අවධාරණය කළා. වත්මන් රජය යටතේ ජන කොටස් අතර එකමුතුකම සහ සංහිදියාව ගොඩනැගීමේ ක්‍රියාවලියට තමා සම්බන්ධව සිටින බවත්, ඇය සදහන් කර තිබෙනවා.

සිංහල - දෙමළ ජන කොටස් අතර බෙදීම පාසල් තුළ සිටම දක්නට ලැබෙනවා. එක් එක් ජන කොටස්වලට වෙන් වූ පාසල් ඇති අතර, සිංහල සහ දෙමළ ජනයා අනෙක් පාර්ශවයේ භාෂාව පිළිබදව දැනුවත්ව සිටින්නේ සුළු වශයෙන්. ඉංග්‍රීසි භාෂාව දිරි ගැන්වීමක් සිදුනොවීමත්, ජන කොටස් අතර සම්බන්ධීකරණ භාෂාවක් නොමැතිවීමත් ඇති කර තිබෙන්නේ අහිතකර බලපෑමක්. මේ නිසා සුහදත්වය තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක සංහිදියා ක්‍රියාවලිය අභියෝග රැසකට මුහුණ දෙන බව හිටපු ජනාධිපතිනිය සදහන් කළා.

පසුගිය රජය සමයේ තමා විවිධ තර්ජනවලට මුහුණ දුන් බව සඳහන් කළ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග කියා සිටියේ තමාගේ දුරකථන සංවාදවලට පවා රහසින් ඇහුම්කන්දී ඇති බවයි.

බහුතරයක් ජනතාවට එහිදී නිදහස අහිමි වී තිබූ බවත්, ඇය සඳහන් කළා. ශ්‍රී ලංකාවේ වත්මන් පාලනය එක්සත්වීමෙන් ආසියාකරයේ නව දේශපාලන අත්හදා බැලීමකට අවතීර්ණ වී සිටිනවා. අන්තවාදය සහ ප්‍රචණ්ඩත්වය අත්හළ  කණ්ඩායම්වලට පවා වත්මන් පද්ධතියට එක්විය හැකි බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරණතුංග හින්දු පුවත්පත සමඟ පැවැති සාකච්ඡාවේදී පෙන්වා දුන්නා.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories