අපි දෙනවද එහෙම

Tuesday, 24 November 2015 - 22:44

%E0%B6%85%E0%B6%B4%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B6%AF+%E0%B6%91%E0%B7%84%E0%B7%99%E0%B6%B8
පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අද (24) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග විශේෂ සාකච්ඡාවක නිරත වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම ප්‍රකාශ කළේ අයවැය ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳව මෙහිදී මන්ත්‍රීවරු  ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවයි.

විශේෂ සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී.

ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30 දෙනෙකු සහභාගී වී තිබෙනවා.

පැය එකහමාරකට ආසන්න කාලයක් පැවැති මෙම සාකච්ඡාවේදී අය වැය ඡන්ද විමසීමේදී විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්  දරන ස්ථාවරය පිළිබඳ ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කළ බව සාකච්ඡාවට එක් වූ මන්ත්‍රීවරුන් පැවසුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories