අනුරාධපුරයේදී පැහැරගත් සිසුවිය මීගමු වෙරළේ

Wednesday, 25 November 2015 - 11:21

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%9A
අනුරාධපුර නගරයේදී පැහැර ගත් බවට වාර්තා වූ 18 හැවිරිදි පාසල් සිසුවිය මීගමුව වෙරළේදී හමුවුණා. 35 හැවිරිදි විවාහකයෙකු සිසුවිය බලහත්කාරයෙන් ඊයේ (24) උදෑසන පැහැරගෙන ඇත්තේ ඇය සිය මිතුරියන් තුන්දෙනෙකු සමග උපකාරක පන්තියකට යමින් සිටියදියි.

ත්‍රිරෝද රථයකින් පැමිණි සැකකරු පළමුව සිසුවියට පහර දී බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයක නංවාගෙන රැගෙන ගොස් පසුව මෝටර් රථයකින් අනුරාධපුර - පොතානගම ප්‍රදේශයට කැදවාගෙන ගොස් තිබෙනවා.

ඉන් අනතුරුව සැකකරු සිසුවිය රැගෙන පැමිණ ඇත්තේ මීගමුව වෙරළටයි. එම අවස්ථාවේදී වෙරළ තීරයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු දැක මෙම සිසුවිය දිව ගොස් ඔවුන් දෙදෙනාට තමන් මුහුණ පෑ සිද්ධිය විස්තර කර තිබෙනවා.

පොලීසිය සදහන් කළේ කළකට පෙර සැකකරු සමඟ පැවති ප්‍රේම සබඳතාවක් මෙම පැහැර ගැනීමට හේතු වන්නට ඇති බවට සැක කරන බවයි.

පොලිස් භාරයට ගනු ලැබූ සිසුවිය භාර ගැනීම සදහා ඇයගේ දෙමාපියන්ට පොලිස් ස්ථානයට පැමිනෙන ලෙස  දැනුම් දී තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories