Update: විශ්වාසභංගය අභියෝගයක් නොවේ - රවී

Wednesday, 25 November 2015 - 12:27

Update%3A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%BB%E0%B7%80%E0%B7%93
තමන්ට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංගය අභියෝගයක් නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළා. අද උදෑසන කොටහේන ශ්‍රී බෝධි සමුද්‍රාරාමයේ  පැවති ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මුදල් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

වැරදි සංඛ්‍යා දත්ත ඉදිරිපත් කර මෙවර අයවැය සකස් කර ඇති නිසා මුදල් අමාත්‍යවරයාට විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ඒකාබද්ධ විපක්ෂය ඊයේ ප්‍රකාශ කළා. ඒ අනුව එම විශ්වාසභංග යෝජනාව හෙට දිනයේදී කථානායකවරයා වෙත භාරදෙන බවයි  පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

කෙසේ වෙතත් මුදල් අමාත්‍ය රවී කරුණානායක අද පැවති ආගමික උත්සවයකට එක්වෙමින් කියා සිටියේ තමන්ට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව කිසිසේත්ම අභියෝගයක් නොවන බවයි.   

මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවහොත් ඊට සහය දෙන්නේදැයි හිරු ප්‍රවෘත්ති අංශය ජනතා විමුක්ති පෙරමුණෙන් විමසීමක් කළා. එහි දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ විශ්වාස භංග යෝජනාව පිළිබඳව තම පක්ෂය මෙතෙක් දැනුවත් වී නොමැති බවයි.

කෙසේ වෙතත්, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙම විශ්වාසභංග යෝජනාවට සහය ලබාදෙන්නේද යන්න පිළිබඳව තම පක්ෂය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.



Update: Wednesday, 25 November 2015 - 18:27
-------------------------------------------
විශ්වාසභංගයට පෙර සූදානමක් අනවශ්‍යයි

ඒකාබද්ධ විපක්ෂය ඉදිරි සතියේ තමන්ට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට මුහුණ දීම  ගැටළුවක් නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළා. ඒ හිරු ප්‍රවෘත්ති අංශයට කළ විමසීමකට පිළිතුරු දෙමින්. මෙවර අයවැයෙන් අධ්‍යාපනය සඳහා වෙන්කර ඇති මූදල් ප්‍රමාණය ප්‍රතිශතය සියයට 5යි දශම 04ක්.

රජය ප්‍රකාශ කරන්නේ ඉතිහාසයේ අධ්‍යාපනයට වෙන් කර ඇති වැඩිම ප්‍රතිපාදන මෙවර අයවැයෙන් වෙන් කර ඇති බවටයි. කෙසේ වෙතත් සියයට 5යි දශම 04ක අධ්‍යාපන ප්‍රතිපාදන වෙන් කිරීම සංඛ්‍යා දත්ත වැරදි ලෙස දක්වා පාර්ලිමේන්තුව නොමග යැවීමක් බවයි ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ.

පිවිතුරු හෙළ උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ මෙම කරුණු මත පදනම්ව මුදල් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත්, මුදල් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ඊට මුහුණ දීමට පෙර සූදානමක් අවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories