UPDATE: දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සහ පාලකවරුන්ගේ වර්ජනය අත්හිටුවයි

Wednesday, 25 November 2015 - 13:59

UPDATE%3A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන් අද (25) දහවල් ආරම්භ කළ වර්ජනය අත්හිටුවා තිබෙනවා. ඔවුන් මෙම වර්ජනය ආරම්භ කළේ දුම්රිය රියදුරෙකු පේරාදෙණිය දුම්රිය ස්ථානයේදී දැනුවත් කිරීමකින් තොරව දුම්රිය එන්ජිමක් මාරු කර ගැනීමේ සිද්ධියක් මුල්කරගනිමින්.

කෙසේ වෙතත් එම දුම්රිය රියදුරාට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලබාදුන් පොරොන්දුවක් මත අදාළ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් සුරංග විජේකෝන් කියා සිටියේ.

කෙසේ වෙතත් පැයකට ආසන්න කාලයක් පැවති මෙම වර්ජනය නිසා දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා  මතුවූ බවයි හිරු වාර්තාකරුවන් කියා සිටියේ. 

UPDATE------------------------------------

කියන්නේ නැතිව එන්ජිමක් මාරු කරාට දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයේ

දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් මේ වනවිට දුම්රිය ධාවනයට දැඩි බාධා මතුව තිබෙනවා. නිසි ලෙස සංඥා ක්‍රියාත්මක නොවීම නිසා දුම්රිය කිහිපයක් නවතා ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණේ.

දුම්රිය රියදුරෙකු දැනුවත් කිරීමකින් තොරව දුම්රිය එන්ජිමක් මාරු කිරීමේ සිද්ධියකට අදාළවයි මෙම වර්ජනය ආරම්භ කෙරුණේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories