පෝයට, ඇඟමස් විකුණන තායි සහ චීන කතුන් - HIRU CIA

Wednesday, 25 November 2015 - 21:27

%E0%B6%B4%E0%B7%9D%E0%B6%BA%E0%B6%A7%2C+%E0%B6%87%E0%B6%9F%E0%B6%B8%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B6%B1+%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+-+HIRU+CIA
පොහොය දින කේන්ද්‍ර කර ගනිමින් කොල්ලුපිටිය- බම්බලපිටිය ප්‍රදේශ පුරා තායි සහ චීන කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ ජාවාරමක් ක්‍රියාත්මක වනවා. සම්බාහන ආයතන ආදිය පොහෝ දිනයේ වසා තිබීම හේතුවෙන් මෙම ජාවාරම සදහා ඇත්තේ ඉහළ ඉල්ලුමක්.


-අද පෝය දවස නිසා අඩුයි ද ?

                   -ඔක්කොම වහලනෙ තියෙන්නෙ...පෝය දවස නිසා.....

-පොලිසිය පනින්නෙ නැද්ද ?
                     -නෑ...ලයිෂන් තියෙනවනෙ.........

-තායි එකක් කීය ද ?
                   -ඩොලර් 150 යි -රුපියල් 18,000 ක් විතර......

තායි කාන්තාවන්ට සාපේක්ෂව චීන කතුන්ගේ මිල අඩු බවයි තැරැව්කරුවන් අප සමග පවසා සිටියේ.

 
-චයිනීස් කෙල්ලෙක් ගන්න.....-කීයද ගාන ?
                            -රූම් එකත් එක්ක රුපියල් 8,000 යි. -රූම් එකට දෙදාහයි. -කෙල්ලට හයදාහයි.

-බලන්න පුළුවන්ද ?
                           -පුළුවන්. -වාහනේ පිටිපස්සෙන් එන්න.......

චීන කාන්තාවන් පෙන්වීම සදහා තැරැව්කරුවන් අපව රැගෙන ගියේ කොල්ලුපිටිය මුහුදු මාවතේ පිහිටි අවන්හලක් වෙතයි. පොහොය දිනවල චීන ජාතික කාන්තාවන් අලෙවි කරනා ජාවාරමේ ප්‍රධාන කාන්තාව පැවසුවේ අවන්හලේ කාමරයක් වෙන්කර ගත් පසු ඕනෑතරම් චීන කතුන් ගෙන්වා දිය හැකි බවයි.

චීන කාන්තාවක්  වෙනුවෙන් තැරැව්කරුවන්ට රුපියල් 300ත් -500ත් අතර ප්‍රමාණයක්   හිමිවනවා.

-කීයක් ඔයාලට හම්බවෙනවද ?
        -උන්ගෙන් රුපියල් 200 ක් 300 ක් ගලව ගන්නවා...-වැඩි ගණන් වලට දැම්මොත් රුපියල් 500 ක් දෙනවා. -උන්ගෙ ගාන රුපියල් 6,000 යි.



සංචාරක වීසා මත මෙරටට පැමිණ සිටිනා චීන හා තායි කාන්තාවන් රැසක් මෙලෙස ගණිකා ජාවාරමේ නිරත වනවා.

අප කළ ගවේෂණයේදී හෙළිවුයේ මෙම ජාවාරම හරහා මොවුන් පොහොය දිනවල පමණක් රුපියල් 50,000 ත් 100,000 ක් අතර මුදලක් උපයනා බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories