Update: කොටි සැකකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා යාපනයේ සිසුවෙකු දුම්රියට පනී

Thursday, 26 November 2015 - 19:38

Update%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93
එල්.ටී.ටී.ඊ සබඳතා සහිත සිරකරුවන් කඩිනමින් නිදහස් කරන ලෙස ඉල්ලා පාසල් සිසුවෙකු අද (26) පෙරවරුවේ යාපනය කොණ්ඩාවිල් දුම්රියපොල ආසන්නයේදී තැපැල් දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා. කන්කසන්තුරේ සිට යාපනය බලා ධාවනය වූ දුම්රියට පැන මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ යාපනය කොකාවිල් හින්දු පාසලේ උසස් පෙළ කලා අංශයේ් ඉගෙනුම ලබන වයස අවුරුදු 18 ක ශිෂ්‍යයෙක්. ඔහු පාසල් නිල ඇඳුමින්ම මෙම අනතුර සිදුකරගෙන ඇති අතර ඔහුගේ පාසල් පොතක තිබී සියදිවි හානි කර ගැනීමට පෙර ලියන ලද ලිපියක් ද සොයාගෙන තිබෙනවා. දෙමළ භාෂාවෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් ලියා ඇති එම ලිපිය යොමුකර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටයි.

මේ අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කිරීම ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීමක් බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එමගින් ජාතික ආරක්ෂාවට බාධාවක් නොවන බවයි.

මහවිරු සැමරුම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය අවධානයෙන් පසුවන බව ද මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.



UJpdate: Thursday, 26 November 2015 - 19:54
--------------------------------------------------------

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට සැකකෙරෙන ලිපියක් ලියූ සටහනක් සහිතව යාපනය කොක්කුවිල් ප්‍රදේශයේදි පාසල් සිසුවෙකු අද(26) උදෑසන දුම්රියට පැන සියදිවි නසාගෙන තිබෙනවා.  මළසිරුර ආසන්නයේ තිබියදී  අදාල ලිපියද හමු වූ බවට යාපනය  කොක්කුවිල් ප්‍රදේශවාසීන් පවසනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ රෙජ්ස්වරන් සෙන්දුරන් නමැති යාපනය කොක්කුවිල් හින්දු විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු 18 හැවිරිදි පාසල් දරුවෙකු එලෙස කෝච්චියට පැන සියදිවි නසාගෙන ඇති බවයි.

දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කළ යුතු බවට තමන් ඉල්ලීම් කොට ඇති  අතර, සියලූම දේශපාලන සිරකරුවන් පුනරුත්තාපනය කොට නිදහස් කරන්න යනුවෙන් සඳහන් කරමින් සඳහන් කරමින් තිබූ ලිපියක් මළ සිරුර සමීපයේ තිබියදී හමු වූ බවට කොක්කුවිල් ප්‍රදේශවාසීන් පැවසූහ.

ප්‍රදේශවාසීන් පැවසූවේ කෝපායි උතුර ප්‍රදේශයේ පදිංචි උසස්පෙල අංශයෙන් කලා විෂය හැදෑරු සිසුවෙකු එලෙස මියගොස් ඇති බවයි.

කෙසේ වෙතත් අදාල සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන යාපනය කෝපායි පොලිසියෙන් විමසීමේදී පොලිසිය පැවසූවේ සිසුවෙකු කෝචියට පැන සියදිවි නසාගැනීමේ සිදුවීමක් පවතින නමුත් ,ලිපියක් සම්බන්ධයෙන් තොරතුරක් තවමත් වාර්තා වි නොමැති බවටයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories