පුංචි ඡන්දයේදී ගහගන්නෙ නැහැ - නිදහස් පක්ෂයෙන් සහතිකයක්

Thursday, 26 November 2015 - 19:08

%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%84%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සමඟ ගැටුම් ඇති කර නොගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. පක්ෂ මූලස්ථානයේ අද (26) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා සහ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මේ බව සඳහන් කළා.

මෙම මාධ්‍ය හමුවේදී මහමැතිවරණයෙන් පරාජයට පත්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයන් තිදෙනෙකුට ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ තනතුරු පිරිනැමීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා සහ අමාත්‍ය චන්දිම වීරක්කොඩි ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ දක්ෂතා පදනම් කරගෙන ඔවුන්ට එම තනතුරු පිරිනමා ඇති බවයි.

කෙසේ වෙතත්, පළාත් පාලන මැතිවරණයේදී තනිව තරඟ කොට එක්සත් ජාතික පක්ෂය සමඟ ගැටුම් ඇති කරගන්නවාදැයි යන්න මාධ්‍යවේදියෙකු එහිදී ප්‍රශ්න කර සිටියා. ඊට අමාත්‍යවරුන් දෙදෙනා පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ ගැටුම් ඇතිකර ගැනීමට අවශ්‍යතාවයක් නොමැති අතර, එසේ ගැටුම් ඇතිකර ගතහොත් ඊට පොලිසිය සහ අධිකරණය නිසි ප්‍රතිචාර දක්වනු ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories