ත්‍රස්තවාදී කණ්ඩායම් සමරන්න බැහැ

Friday, 27 November 2015 - 8:28

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90
ත්‍රස්තවාදී කණ්ඩායම් සිහිපත් කරමින් උත්සව පවත්වන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය පවසනවා.

කෙසේ වෙතත්, උතුරු පළාතේ මහවිරු සැමරුම් සිදුකිරීමට කිසිවෙකුගෙන් බාධාවක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් පවසනවා. ඔහු කියා සිටියේ සාමකාමී අයුරින් තම විරුවන් සැමරීමට උතුරු පළාතේ මේ වනවිට කටයුතු සූදානම් කර ඇති බවයි.

යාපනය සරසවියේ සහ වව්නියාව නගරයේ ස්ථාන කිහිපයක මහවිරු දිනය සැමරීම සදහා එක්වන ලෙස දැනුම් දෙමින් පසුගිය දින කිහිපය තුළ පෝස්ටර් අලවා තිබූ බව හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් කියා සිටියා.

කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ ත්‍රස්තවාදී කණ්ඩායම් සිහිකර කිසියම් හෝ උත්සවයක් පැවැත්වීමට කටයුතු කරන්නේ නම් ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ අතර, උතුරු පළාත් සභාවට අයත් පාසල්වලට අද දිනයේ නිවාඩු ලබාදීමට උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා. ඒ, එල්.ටී.ටී.ඊ සබඳතා සහිත සිරකරුවන් කඩිනමින් නිදහස් කරන ලෙස ඉල්ලා ඊයේ යාපනයේ පාසල් සිසුවෙකු සියදිවි හානි කර ගැනීමේ සිද්ධියට ශෝකය පළ කරමින්.

කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ උතුරු පළාත තුළ පාසල්වල නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් රේඛීය අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කර නොමැති බවයි. නමුත් එම නිවාඩු දීම අවලංගු කිරීමට රේඛීය අමාත්‍යාංශයට බලතල නොමැති බව පෙන්වා දුන් එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා මේ සම්බන්ධයෙන් අදාළ පළාත් අමාත්‍යාංශයෙන් කරුණු විමසීමක් සිදුකරන බවද සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories