අන්තරේ පාගමනට අධිකරණයෙන් තහනමක්

Friday, 27 November 2015 - 12:59

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කළ විරෝධතා පාගමනට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, පාගමනට පොල්දූව මංසන්ධියෙන් ඔබ්බට පැමිණ පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළුවීම තහනම් වනු ඇති. මෙම අධිකරණ නියෝගය පොලිසිය විසින් පොල්දූව හන්දියේදී විරෝධතා පාගමනේ පැමිණෙන සිසුන්ට භාරදීමට ද නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අධ්‍යාපනය විකිණීම නතර කරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, මෙම පාගමන පසුගිය 23 වනදා ආරම්භ කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින්.

එම පාගමන අද උදෑසන කඩවත නගරයෙන් ගමන් ආරම්භ කළ අතර, එය මේ වනවිට කොළඹ දක්වා පැමිණෙමින් තිබෙන බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ. මෙම පාගමනට අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව එක්ව සිටිනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories