බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකවරුන් 6 දෙනාට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද මරණ දඩුවම නියම කළා.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට මරණ දඩුවම නියම කළ පළමු අවස්ථාව ද මෙයයි. පිටු 802කින් සමන්විත මෙම නඩුවේ තීන්දුව කුසලා සරෝජනී වීරවර්ධන සහ අමේන්ද්‍ර සෙනෙවිරත්න යන මහාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟතාවයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයේ සභාපති විනිසුරු ලලිත් ජයසුන්දර ප්‍රකාශයට පත් කළා.
මෙය විශේෂ අධිකරණ කටයුත්තක් ලෙස සලකමින් ජූරි සභාවකින් තොරව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන් සැදුම්ලත් විශේෂ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස හිටපු නීතිපති පාලිත ප්‍රනාන්දු එවකට අගවිනිසුරුවරයාව කටයුතු කළ මොහාන් පීරිස්ගෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුවයි මෙම නඩුව සදහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරනු ලැබුවේ.
2013 වසරේ අප්‍රේල් මස 4 වන දාත්, මැයි මස 22 වන දාත් අතර කාලයේ කොළඹ දී මොහොමඞ් ෆවුස්ඞීන් සහ ක්‍රිශාන්ත කෝරළගේ සමඟ එක්ව මොහොමඞ් සියාම් නැමැත්තා මරා දැමීමට කුමන්ත්‍රණ කිරීම ඇතුළු චෝදනා 10ක් යටතේ මෙම සියලූ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා චෝදනා ගොනු කර තිබුණා. කෙසේ වෙතත්, මොහොමඞ් ෆවුස්ඞීන් සහ ක්‍රිශාන්ත කෝරළගේ රජයේ සාක්ෂිකරුවන් වීම ද විශේෂත්වයක්. ඒ අනුව මොහොමඞ් සියාම් පැහැරගෙන ගොස් දොම්පේ ප්‍රදේශයේදී ඝාතනය කළැයි දෙකේ සිට 6 දක්වා විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නගා තිබූ අතර, මොවුන්ට ආධාර සහ අනුබල දීම වාස් ගුණවර්ධනට එල්ල කර තිබූ චෝදනාවයි.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත්‍රයාට අමතරව මෙලෙස මරණ දඩුවම නියම වූ සෙසු විත්තිකරුවන් වන්නේ හිටපු උප පොලිස් පරීක්ෂක ලක්මින ඉන්දික බමුණුසිංහ, හිටපු කොස්තාපල්වරුන් වන ගාමිණී අතපත්තු සනත් චන්ද්‍ර, ආනන්ද පතිරගේ ප්‍රියන්ත සංජීව සහ කැලූම් රංගන දිසානායක යන අයයි.
Update: Friday, 27 November 2015 - 19:55
--------------------------------------------------
වාස් ගුණවර්ධන, පුතු ඇතුළු 6 දෙනාට මරණ දඬුවම
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන ඇතුලූ සැකකරුවන් 06 දෙනාට කොළඹ මහාධිකරණය මීට ටික වේලාවකට පෙර මරණ දඬුවම නියම කළා. ඒ, එම සිද්ධියට ඔවුන් වරදකරුවන් බවට තීන්දු කිරීමෙන් අනතුරුවයි.
මෙම නඩුව විභාගයට ගැනුණේ මහාධිකරණ සභාපති විනිසුරු ලලිත් ජයසූරිය, කුසලා සරෝජනී වීරවර්ධන සහ අමෙන්ද්‍ර සෙනවිරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි. 2013 වසරේ අප්‍රේල් මස 04 වැනිදාත් මැයි මස 22 වැනිදාත් අතර කාලයේ මොහොමඩ් අහමදීන් මොහොමඩ් සියාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දැමීමට කුමන්ත්‍රණය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබුණේ නීතිපතිවරයා විසින්.
Update: Friday, 27 November 2015 - 15:55

වාස් ගුණවර්ධන ඇතුළු 6 දෙනා වරදකරුවන් වෙයි
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන ඇතුලූ සැකකරුවන් 06 දෙනා එම සිද්ධියට වරදකරුවන් බව කොළඹ මහාධිකරණය අද තීන්දු කළා.
මීට අදාළ නඩුව විභාගයට ගැනුණේ මහාධිකරණ සභාපති විනිසුරු ලලිත් ජයසූරිය, කුසලා සරෝජනී වීරවර්ධන සහ අමෙන්ද්‍ර සෙනවිරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි. නඩුවේ තීන්දුව ද අද ලබාදීමට නියමිත අතර එය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.
2013 වසරේ අප්‍රේල් මස 04 වැනිදාත් මැයි මස 22 වැනිදාත් අතර කාලයේ මොහොමඞ් අහමදීන් මොහොමඞ් සියාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දැමීමට කුමන්ත්‍රණය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබුණේ නීතිපතිවරයා විසින්.

Follow US
Most Viewed Stories