Update: සියාම්ගේ පියා වාස් ගැන ඊයේ කියූ දේ අද වෙනස් කරයි (හඬ පට සහිතයි)

Saturday, 28 November 2015 - 11:00

Update%3A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%84%E0%B6%AC+%E0%B6%B4%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%29
තම පුතුගේ ඝාතනය සම්බන්ධයෙන් වාස් ගුණවර්ධන, වරදකරු නොවන බවට සිදුකළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බව ඝාතනයට ලක්වූ මොහොමඩ් සියාම්ගේ පියා අද (28) මාධ්‍ය වෙත ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ තමා නඩු විභාගය අවසන් වූ අවස්ථාවේදී දැඩි මානසික ආතතියකින් පසුවූ බවයි.

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකවරුන් 6 දෙනාට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ මරණ දඩුවම නියම කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි මොහොමඞ් ෆවුස්ඩීන් සහ ක්‍රිශාන්ත කෝරළගේ යන අය රජයේ සාක්ෂිකරුවන් වූ අතර ඔවුන්ට දඬුවම් හිමි නොවීම පිළිබඳවයි සියාම්ගේ පියා සිය අදහස් පළ කළේ. මේ අතර, ඊයේ සිදුකළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙසට කිසිවෙකු බලපෑමක් කළේදැයි අප මොහොමඞ් සියාම්ගේ පියාගෙන් විමසූ අතර එවැන්නක් නොමැති බව ඔහු කියා සිටියා.

මේ අතර, වාස් ගුණවර්ධන ඇතුළු පිරිස වෙනුවෙන් කඩිනමින් අභියාචනා ගොනුකරන බවයි ඔවුන්ගේ නීතීඥවරුන් සඳහන් කළේ.

[MP3]s120983[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories