වැඩිමිලට භාණ්ඩ අලෙවිකරන වෙළඳුන් වැටලීම අද සිට

Saturday, 28 November 2015 - 13:17

%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
උත්සව සමයේ වැඩි මිලට ආහාර අලෙවි කරන වෙළඳසැල් සොයා දිවයින පුරා අද (28) සිට වැටලීම් ආරම්භ කරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රුවන් ලංකේෂ්වර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඉදිරියේදී මෙම වැටලීම් අඛන්ඩව සිදුකරන බවයි.

අයවැයෙන් මිල අඩුකරන ලද භාණ්ඩ කිහිපයක නව මිල ඇතුළත් ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ඒ අනුව මිල අඩු කළ පරිප්පු, හාල්මැස්සන්, කරවල, ග්‍රෑම් හාර සියයේ දේශීය කිරිපිටි සහ කඩලවල නව මිල ගණන් මෙහි ඇතුළත් කර ඇති බවයි. ඒ අනුව වියළි හාල්මැස්සන් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 410 ක් වන අතර, පරිප්පු කිලෝග්‍රෑමයක මිල වන්නේ රුපියල් 169 ක්. කට්ටා කරවල කිලෝග්‍රෑමයක් රුපියල් 1100 ක් ලෙසත් සාලයා කරවල කිලෝග්‍රෑමයක් රුපියල් 425 ක් වනවා. කඩල කිලෝග්‍රෑමයක් රුපියල් 169 ක් වන අතර, අදාළ ගැසට් නිවේදනයට අනුව දේශීය කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල වන්නේ රුපියල් 295 ක්.

කෙසේ වෙතත්, පැරණි මිල ගණන් යටතේ එම භාණ්ඩ අලෙවි කරන වෙළඳුන් සම්බන්ධයෙන් 011 7 755 481 / 0117 755 482 යන දුරකථන ඔස්සේ පාරිභෝගික අධිකාරිය වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි එහි විධායක අධ්‍යක්ෂ රුවන් ලංකේශ්වර හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories