ඇවන්ගාඩ් ගැන රාජිතගෙන් C.I.D යට ප්‍රකාශයක්

Sunday, 29 November 2015 - 8:32

%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A++C.I.D++%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. ඒ, රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ කීර්තිනාමයට හානිවන පරිදි ඇවන්ගාඩ් ප්‍රධානී නිශ්ශංක සේනාධිපති පුවත්පතකට ලබාදී තිබූ බව කියන සම්මුඛ සාකච්ඡාවක් මුල් කරගනිමින්.

අමාත්‍ය රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග සහ පාඨලී චම්පික රණවක පොලිස්පතිවරයා වෙත පසුගියදා ලිපියක් යොමු කරමින් දැනුම්දී තිබුණේ ඇවන්ගාඩ් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති පුවත්පතකට ලබාදී තිබූ සම්මුඛ සාකච්ඡාවක් හේතුවෙන් තම කීර්තිනාමයට බරපතල කැළලක් සිදුවී ඇති බවටයි.

මෙම චෝදනා සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කර නීතිය ක්‍රියාත්මක කර අදාළ අමාත්‍යවරුන් තුන්දෙනා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර ඇවන්ගාඩ් රකින්නේත් ඇවන්ගාඞ් විවේචනය කරන්නේත් ඞීල්කරුවන් බව අමාත්‍ය ඩිලාන් පෙරේරා සඳහන් කළේ හාලිඇල - ඇටම්පිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories