ඉන්දීය හමුදා ප්‍රධානියා අද ශ්‍රී ලංකාවට

Sunday, 29 November 2015 - 8:54

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ඉන්දීය හමුදා ප්‍රධානී ජෙනරාල් ඩල්බීර් සිං පස්දින සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණෙනවා. මෙරට යුද හමුදාවේ නවීකරණ කටයුතුවලට අදාළව සාකච්ඡා කිහිපයක් පැවැත්වීමටද ඔහු අපේක්ෂා කරන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා. දෙරට අතර ක්‍රියාකාරී හමුදාමය සහයෝගීතාව වර්ධනය කිරීම ඉන්දීය හමුදා ප්‍රධානියාගේ ශ්‍රී ලංකා සංචාරයේ තවත් අරමුණක්.

ඉන්දීය සාමසාධක හමුදාව 1987 වසරේ මෙරට යෙදවූ අවස්ථාවේ ජෙනරාල් ඩල්බීර් සිං ගේ බල ඇණියක්ද ඊට එක්ව සිටියා. එහි අණදෙන නිලධාරියා ඇතුලූ 20 දෙනෙකු එල්.ටී.ටී.ඊ. ය සමඟ ඇතිවූ ගැටුම්වලදී ජීවිතක්ෂයට පත්වුණා. ඉන්දීය හමුදා ප්‍රධානියා සිය ශ්‍රී ලංකා සංචාරයේදී ඉන්දීය සාමසාධක හමුදාව මුල්ම ගැටුමට එක්වූ ප්‍රදේශයේද නිරීක්ෂණ චාරිකාවක නිරතවනු ඇති.

පසුගිය කාලයේදී ඉන්දියාව, ශ්‍රී ලංකාව වෙත යුද උපකරණ සැපයීමට මැලිකමක් දැක්වූවද දැන් ඒ සඳහා අවස්ථාව උදාවී ඇති බව ඉන්දීය හමුදා ප්‍රධානියාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව අදහස් පළ කරන ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories