තුර්කි සම්බාධකවලට පුටින්ගේ අනුමැතිය

Sunday, 29 November 2015 - 9:10

%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
රුසියානු ජෙට් යානයක් සිරියාවේ තුර්කි දේශසීමාව ආසන්නයේදී බිම හෙලීම සම්බන්ධයෙන් තුර්කිය වෙත පනවන ආර්ථික සම්බාධකවලට  ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊයේ අත්සන් තබා තිබෙනවා. ඒ අනුව තුර්කියේ ආහාර නිෂ්පාදන ආනයනය සීමා කෙරෙන අතර, තුර්කි ජාතිකයන්ට සහ තුර්කි සමාගම්වලට රුසියාව තුළ කටයුතු කිරීම අත්හිටවනු ඇති. එමෙන්ම තුර්කිය සහ රුසියාව අතර වානිජ ගුවන් සේවා ගමනාගමනයද නතර කෙරෙනවා.

දැනට තුර්කි ජාතිකයන් 90 000 ක් පමණ රුසියාවේ සේවයේ නිරතවී සිටින අතර ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සංඛ්‍යාවද සැළකූ විට එය දෙලක්ෂයක් පමණ වන බවයි ජනාධිපති පුටින්ගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. එමෙන්ම මිලියන 3 ක් රුසියානු සංචාරකයන් පසුගිය වසරේදී තුර්කියේ සංචාරය කර තිබෙනවා. ජනාධිපති පුටින් නිකුත් කළ නියෝගයට අනුව මින්පසු තුර්කියේ සංචාර පැකේජයන් රුසියාව තුළ අලෙවි කිරීම නතර කෙරෙනු ඇති.
 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories