"සැමියා නිර්දෝෂීයි - සියාම්ගේ පියා ප්‍රකාශය ඉල්ලා අස් කර ගත්තේ බලපෑමකටයි" - වාස් ගුණවර්ධනගේ බිරිඳ කියයි

Sunday, 29 November 2015 - 12:35

%22%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%93%E0%B6%BA%E0%B7%92++-+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%92%22+-+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3++%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
තමාගේ සැමියා නිර්දෝෂී බවත් ඔහු වෙනුවෙන් ඉදිරියේදී අභියාචනයක් ඉදිරිපත් කරන බවත්, මරණ දඩුවම නියමවූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ වන ෂාමලී පෙරේරා පවසනවා. ඇය මේ බව කියා සිටියේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේදී  අද (29) උදෑසන විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්.

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ්  සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකවරුන් 6 දෙනාට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පසුගිය සිකුරාදා මරණ දඩුවම නියම කළා. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට මරණ දඩුවම නියම කළ පළමු අවස්ථාව ද මෙයයි.  

 කෙසේ වෙතත් ඇය අද උදෑසන පැවති මාධ්‍ය හමුවේදී හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ සඳහන් කළේ තම සැමියා සහ පුත්‍රයා ඇතුලූ හයදෙනෙකුට මරණ දඩුවම නියමවීමේ සිද්ධියෙන් පසු මොහොමඩ්  සියාම්ගේ පියා කළ ප්‍රකාශය හදවතින්ම සිදුකරන ලද්දක් බවයි. පසුව එය ඔහු වෙනස් කළේ කිසිවෙකුගේ බලපෑම මත විය හැකි බව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ ෂාමලී පෙරේරා වැඩිදුරටත් සඳහහන් කළා.



තම පුතුගේ ඝාතනය සම්බන්ධයෙන් වාස් ගුණවර්ධන, වරදකරු නොවන බවට   මොහොමඩ්  සියාම්ගේ පියා කළ  ප්‍රකාශය සහ එම ප්‍රකාශය ඉල්ලා අස්කරගත් හැටි





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories