මාලදිවයිනේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයා ගැන ලක් රජය විමසීමට යයි

Sunday, 29 November 2015 - 13:02

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මාලදිවයිනේදී අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයා සම්බන්ධයෙන් එරට රජය වෙතින් විමසීමක් සිදුකර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා. 24 හැවිරිදි මෙම ශ්‍රී ලාංකිකයා රඳවාගැනීමේ කාලය පසුගිය සඳුදා තවත් දින 15ක කාලයක් සඳහා දීර්ඝ කෙරුණා. මෙලෙස නඩු විභාගයකින් තොරව රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයා වෙනුවෙන් කටයුතු කිරීම සඳහා නීතීඥයෙකුද මාලදිවයිනට ගොස් ඇති අතර, ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව එහිදී හෙළිදරව් වී තිබෙනවා.

මෙම ශ්‍රී ලාංකිකයා මාලදිවයිනේදී අත්අඩංගුවට ගැනුනේ එරට ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධවයි. එමෙන්ම ඔහු මෙරට හමුදා සේවයේ නිරතවී සිටි අයෙකු බවද මාලදිවයින් රජය ප්‍රකාශ කර තිබුණා. කෙසේ නමුත් එම තරුණයා පවසා ඇත්තේ තමා හමුදා සේවයට සම්බන්ධ නොවූවෙකු වන අතර, රැකියාවක් සොයා මාලදිවයිනට පැමිණි බවයි.

කෙසේ නමුත් අත්අඩංගුවට ගැනුනු මෙම ශ්‍රී ලාංකික තරුණයා වෙත මෙතෙක් මාලදිවයින් රජය මගින් චෝදනා ගොනුකර නොමැති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකාව සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories