හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ වැටුප 97500ක් කිරීමට යෝජනා

Sunday, 29 November 2015 - 13:10

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4+97500%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ මාසික විශ්‍රාම වැටුප රුපියල් 97500 දක්වා ඉහළ නැංවීම සඳහා පාර්ලිමේන්තුව වෙත යෝජනාවක් ඉදිරිපත්වී තිබෙනවා. රජයේ පාර්ශවයෙන් ඉදිරිපත් කළ අදාළ යෝජනාව ඉදිරි සතියේ සාකච්ඡාවට ගැනෙන බවයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ. පසුගිය බ්‍රහස්පතින්දා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා අවස්ථාවේදී ඒ පිළිබඳ ඉදිරි කටයුතු සිදුකිරීමට තීරණය කරනු ලැබුවා. ඒ අනුව ලබන 3 වනදා ජනාධිපති වැය ශීර්ෂ කාරක සභා අවස්ථාව සඳහා අදාළ යෝජනාවද ඉදිරිපත් කෙරෙනු ඇති.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගට මෙතෙක් ලැබී ඇත්තේ රුපියල් 25000 ක මාසික විශ්‍රාම වැටුපක්. එහෙත් පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් මගින් 2006 වසරේ ජූලි 1 වනදා සිට බල පවත්වන පරිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ  වැටුප් සහ විශ්‍රාම ප්‍රතිලාභ ප්‍රතිශෝධනය කෙරුණේ අනෙකුත් මැති ඇමතිවරුන්ගේද විශ්‍රාම දීමනාද සමඟයි. මේ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විශ්‍රාම වැටුප සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංගගේ විශ්‍රාම වැටුප අතර පරස්පරයක් පැවතීම හේතුවෙන් මෙම සංශෝධනය ඉදිරිපත් කර ඇති බව සඳහන්.

මේ අතර හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ වැන්දඹු බිරිඳ වන හේමා ප්‍රේමදාසට රුපියල් 97500 ක වැටුපෙන් තුනෙන් දෙකකට සමාන වැටුපක් ගෙවීමටත්, අදාළ සංශෝධන ලබන වසරේ ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක කිරීමටත්  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories