හිටපු ජනපති මහින්ද ට අයවැය නැතිවෙයි?

Sunday, 29 November 2015 - 20:47

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92%3F
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙවර අයවැය විවාදයේදී අදහස් පළ කිරීමෙන් වැළකී සිටිනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා. 8 වන පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසු හිටපු ජනාධිපතිවරයා මෙතෙක් පාර්ලිමේන්තුව අමතා නැහැ.

ජිනිවා මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ වාර්තාව, උදලාගම සහ පරණගම වාර්තා සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයක් පසුගිය මස 23 වන දා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එදින හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව තිබුණ ද එය සිදුවුණේ නැහැ.

මෙවර අයවැය විවාදයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අදහස් දක්වන්නේ දැයි හිරු ප්‍රවෘත්ති අංශය ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා වන රොහාන් වැලිවිටගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාට කතා කිරීම සඳහා කාලය වෙන් කරනු ලබන්නේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වන අනුර කුමාර දිසානායක බැවින් ප්‍රමාණවත් කාලයක් හිටපු ජනාධිපතිවරයාට ලබා නොදෙනු ඇති බවයි.

මේ අතර, නාරාහේන්පිට අභයාරාමයේ ඊයේ (28) පැවැති ආගමික නායකයින්, විද්වතුන්, කලාකරුවන් සහ වෘත්තීයවේදීන් සහභාගි වූ රැස්වීමකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අයවැය පිළිබදව අදහස් පළ කළා. එහිදී ඔහු කියා සිටියේ මෙවර අයවැයෙන් රාජ්‍ය ආයතන කිහිපයක් පෞද්ගලීකකරණය කිරීමට සූදානමක් පවතින බවයි.

කෙසේ වෙතත්, තමන් දේශපාලන කටයුතුවලින් මේ දිනවල බැහැරව සිටින බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද අම්බලන්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයේ පැවති ආගමික උත්සවකට වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories