මගී නෞකාවක් අනතුරක - 100ක් බේරාගයි

Monday, 30 November 2015 - 10:44

%E0%B6%B8%E0%B6%9C%E0%B7%93+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A++-+100%E0%B6%9A%E0%B7%8A++%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B7%92
සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් තිබූ මගී ප්‍රවාහන නෞකාවක් අනතුර ලක්වීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 100 ආසන්න පිරිසක් මුදාගෙන තිබෙනවා. ඊයේ (29) රාත්‍රියේ සිංගප්පූරුව ආසන්න මුහුදේදි  අනතුර සිදුවී ඇත.

මගී යාත්‍රාව අනතුරට ලක්ව ඇත්තේ ඉන්දුනීසියාවට ආසන්න බටැම් දූපතේ සිට සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් සිටියදියි. එම නෞකාව ඉන්දුනීසියාවේ ලියාපදිංචි “Sea Prince”  නම් මගී යාත්‍රාවයි.

නවතම වාර්තාවල දැක්වෙන්නේ පුද්ගලයින් 97ක් නෞකාවේ සිටි බවයි. ඉන් 51ක් සිංගප්පූරු වැසියන්. කාර්ය මණ්ඩලය 7ක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories