දෙමව්පියන් යළිත් ඉසුරුපායට යාමට සූදානම්

Monday, 30 November 2015 - 12:35

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
ලංකා ගුරුසේවා සංගමය යළිත් වරක් දෙමාපියන්ද සමඟ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට යාමට සූදානම් වනවා. ඒ, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සමත්වීමේ ලකුණු මට්ටම පහත හෙළන ලෙසත්, ශිෂ්‍යත්වලාභීන් සංඛ්‍යාව වැඩි කරන ලෙසටත් රජයට බලකරමින්. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ මේ සම්බන්ධයෙන් පසුගිය 18 වනදා අධ්‍යාපන බලධාරින් සමඟ සිදුකළ සාකච්ඡාවකදී සති දෙකක් ඇතුළත විසඳුමක් ලබාදෙන බවට දුන් පොරොන්දු කාලය හෙටින් අවසන් වන බවයි.

මේ නිසා අනිද්දා දින දෙමව්පියන් සමඟ යළිත් වරක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට යෑමට සිදුවන බවද ඔහු සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories