චීනයේ ගෑස් කාන්දුවකින් දස දෙනෙකු මරුට

Monday, 30 November 2015 - 16:21

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%83+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
චීනයේ ෂැංඩොන් ප්‍රාන්තයේ සෝපින් ප්‍රදේශයේ වානේ කම්හලක සිදුවූ ගෑස් කාන්දුවකින් එහි සේවකයන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ සිදුවූ මෙම අනතුරේදී විෂ වායු කාන්දුවෙන් 5 දෙනෙකු කර්මාන්ත ශාලාව තුළම මිය ගොස් සිටි අතර, තවත් 5 දෙනෙකු රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වුණා. පුද්ගලයන් 140 දෙනෙකු මරුමුවට පත් කරමින් ටියැංජින් ප්‍රාන්තයේ රසායනික කම්හලක පසුගිය අගෝස්තු මාසයේ සිදුවූ පිපිරීමෙන් පසු එරට කර්මාන්ත ශාලාවල ආරක්ෂාව පිළිබද නීති දැඩි කිරීමට චීන රජය පියවර ගත්තා. එහෙත් එවැනි අනතුරු තවදුරටත් වාර්තා වන අතර, ඊයේ ඇති වූ සිද්ධිය පිළිබදව රජයේ පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories