කාලගුණ විපර්යාසය අවම කිරීමේ ගෝලීය සම්මුතියට ශ්‍රී ලංකාව සූදානම්. - ජනපති පැරිස් සමුළුවේදී කියයි

Tuesday, 01 December 2015 - 8:28

%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%B8+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
දේශගුණික විපර්යාස අවම කිරීමට ගෝලීය වශයෙන් සිදුකෙරෙන ව්‍යායාමයට ශ්‍රී ලංකාව ද දායක වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන 21 වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. එහිදී ගෝලීය හරිතාගාර වායු විමෝචනය අවම කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා, දේශගුණික විපර්යාසවල බලපෑම අඩු කිරීමට නීතිමය වශයෙන් එකඟතාවයකට බැදීමට ශ්‍රී ලංකාව මඟ බලා සිටින බව ද කියා සිටියා.

පැරීසියේ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව අතරතුර ජනාධිපතිවරයා සර්බියානු රාජ්‍ය නායක තෝමියා ලොෆ් නිකොලින් සහ ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා හොලාන්ඞ් ද හමුවී ද්වි පාර්ශවික සාකච්ඡා පවත්වා තිබෙනවා. මේ අතර, සමුළුව සඳහා ප්‍රංශයට පැමිණි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගැනීමට ප්‍රංශ ජනාධිපතිවරයා සමඟ එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් ද එක්ව සිටීම විශේෂත්වයක්.

පසුගිය දා එල්ල වූ පැරිස් ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ සමුළුවේ ආරක්ෂාව දැඩි කොට තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories