I.S තුර්කි සම්බන්ධතාවක් ගැන පුටින්ගෙන් චෝදනා

Tuesday, 01 December 2015 - 8:49

I.S+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
තුර්කිය තම ප්‍රහාරක ගුවන් යානයක් බිම හෙළුෑයේ අයි.එස්. සංවිධානය සමඟ සිදුකරන නීතිවිරෝධී තෙල් වෙළදාම පවත්වා ගැනීමට බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් චෝදනා නගනවා. පැරීසියේ පැවැත්වෙන ලෝක කාලගුණ සමුළුවට සහභාගි වෙමින් ඔහු ඊයේ කියා සිටියේ රුසියානු ප්‍රහාරක යානයක් බිම හෙලීම තුර්කිය අතින් සිදුවූ විශාල වැරැද්දක් බවයි.

තුර්කිය අයි.එස්. සංවිධානය සමඟ තෙල් වෙළදාමේ නිරත වන බව තහවුරු කළ හැකි සාක්ෂි තමන් සතුව පවතින බවත් රුසියානු නායකයා කියා සිටියා. අයි.එස්. ක්‍රියාකාරීන්ට සිරියාවට නිදහසේ ඇතුළුවීමට ඉඩ දෙන බවට තුර්කියට මීට පෙර ද චෝදනා එල්ල වී තිබුණා. කෙසේ නමුත් ඔවුන් මේ වනවිට අයි.එස් වරුන්ට එරෙහි ජාත්‍යන්තර සන්ධානයට එක්ව සිටිනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories