ෆුල්ෆේස් තහනම තවත් දිගුවෙයි

Tuesday, 01 December 2015 - 10:57

%E0%B7%86%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ෆුල්ෆේස් හෙල්මට් නීතිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය ලබන වසරේ පෙබරවාරි මස 11 වන දා දක්වා දීර්ඝ කර තිබෙනවා.

අභියාචනාධිකරණය හමුවේ මීට අදාළ පෙත්සම් අද කැදවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරයා කියා සිටියේ ඉහළ ප්‍රමිතියෙන් යුතු හෙල්මට් හදුන්වා දීම සදහා නව රෙගුලාසි පැනවීමට සූදානම් වන බවයි.

ෆුල්ෆේස් හෙල්මට් පැළඳ යතුරුපැදි ධාවනය කළ නොහැකි බවට වන නීතිය පසුගිය අප්‍රේල් මස 2 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා. එහෙත් ඊට එරෙහිව පුද්ගලයින් දෙදෙනෙකු අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකළේ පසුගිය මාර්තු මස 31 වැනිදායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories