අයවැය ඡන්දය අද - ජවිපෙ සහ ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ වෙයි

Wednesday, 02 December 2015 - 8:46

%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+-+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B7%83%E0%B7%84+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරු 5ට සිදුකිරීමට නියමිතයි. අයවැය කතාව මුදල් අමාත්‍ය රවී කරුණානායක පසුගිය 20 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර දෙවන වර කියවීමේ විවාදය පසුගිය 21 වන දා සිට දින 9ක් පෙරවරු 9.30 සිට පස්වරු 6.30 දක්වා පැවැත්වුණා.

අයවැය තුන්වන වර කියවීමේ කාරක සභා අවස්ථා විවාදය හෙට ඇරඹෙන අතර එය එළඹෙන 19 වන දා දක්වා පැවැත්වෙනු ඇති. අවසන් ඡුන්ද විමසීම එදින පස්වරු 5ට සිදුකිරීමට නියමිතයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මෝල්ටා සහ ප්‍රංශ නිළ සංචාරයෙන් අනතුරුව ජාතික ආණ්ඩුවේ මංගල අයවැය බහුතර ඡුන්දයෙන් සම්මත කර ගැනීම සඳහා ඔහු අද පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීමට නියමිතයි.

ජනාධිපතිවරයා සිය විදෙස් සංචාරය නිම කර ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියා. අයවැය වැඩි ඡන්දයෙන් සම්මත කර ගැනීම සදහා ජනාධිපතිවරයා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී හමුවීමට ද නියමිතයි.

කෙසේ වෙතත්, අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories