නාරාහේන්පිට OIC ට ස්ථාන මාරුවීමක්

Wednesday, 02 December 2015 - 9:27

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7++OIC+%E0%B6%A7+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
වහාම ක්‍රියාත්මකවන පරිදි සේවා අවශ්‍යතාවය මත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 4 දෙනෙකුට, උප පොලිස් පරීක්ෂකවරයෙකුට සහ පොලිස් පරීක්ෂකවරයෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

ඒ අනුව නාරාහේන්පිට පොලීසියේ ස්ථානාධිපතිවරයා අම්පාර මූලස්ථාන පොලිස් ස්ථානය වෙතත්, බලංගොඩ පොලිස් ස්ථනාධිපතිවරයා නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසත් මාරු කර යවා ඇති බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.

ඊට අමතරව තිරුක්කෝවිල් පොලිස් ස්ථානාධිපතිවරයා බලංගොඩටත්, සීතාවක කොට්ඨාශයේ සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා තිරුක්කෝවිල් ස්ථානාධිපතිවරයා ලෙසත්, ස්ථාන මාරු කර තිබෙනවා.

ගෝනගංආර පොලිස් ස්ථානාධිපතිවරයා හැටන් කොට්ඨාශය වෙතත්, දකුණු කොළඹ කොට්ඨාශයේ පොලිස් පරීක්ෂකවරයෙකු ගෝනගංආර පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසත් මාරු කර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තවදුරටත් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories