දිවයින පුරා වෛද්‍යවරුන් හෙට ලෙඩවෙයි

Wednesday, 02 December 2015 - 12:00

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%BD%E0%B7%99%E0%B6%A9%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92

අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් හෙට (03) උදෑසන 8 සිට වෘත්තීය සමිති 16 ක් එක්ව දීප ව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් සොයිසා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තවත් වෘත්තීය සමිති කිහිපයක් වර්ජනයට සහය දෙන බව ප්‍රකාශ කර ඇති බවයි.

 වෛද්‍යවරුන්ට තිබූ පහසුකම් අයවැයෙන් අහෝසි කිරීම කිසිලෙසකින් අපේක්ෂා නොකළ දෙයක් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා. වෛද්‍යවරුන් රාජ්‍ය සේවයට ආකර්ශනය කර ගැනීමට අයවැයෙන් තව තවත් පහසුකම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ බවයි එහි දැක්වුණේ.
අයවැයෙන් වෛද්‍යවරුන් ඇතුළු රජයේ නිලධාරින් සහනදායි වාහන බලපත්‍ර ලබාදීම අත්හිටුවීමට ගත් තීරණය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දිගින් දිගටම විරෝධය පළ කළා.  

මේ අතර රජයේ ඉංජිනේරු වෘත්තීකයන්ගේ සංගමය අද කොළඹ නිදහස් චතුරස‍්‍රයේ සිට අග්‍රාමාත්‍ය කාර්යාලය දක්වා පාගමනක් සංවිධානය කර තිබුණේ අයවැයෙන් තම වෘත්තීය දීමනාව අහෝසි කර ඇති බව පවසමින්. ඒ පිළිබද තීරණයක් ගැනීමට ආණ්ඩුවට සතියක් කල්දෙන බවයි රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ ලේකම් ඞී.අබේසිරිවර්ධන පාගමනට එක්වෙමින් සඳහන් කළේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ද අයවැය පිළිබද අදහස් දැක්වීමට කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. අයවැයෙන් ජනතාව රවටා ඇති බවට තමන්ට ද හැගී යන බවයි එහිදී අදහස් දැක්වූ එම සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය ප්‍රිමාල් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories