වර්ෂාව සහ ජල ගැලීම් චෙන්නායි ජන ජීවිතය අඩාල කරයි

Wednesday, 02 December 2015 - 12:24

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%85%E0%B6%A9%E0%B7%8F%E0%B6%BD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
අධික වර්ෂාපතනය හේතුවෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර දැඩි ජල ගැලීම් තත්වයක් හටගෙන තිබෙනවා. මේ හේතුවෙන් ගුවන් ගමන් මෙන්ම දුම්රිය ගමන්වාර රැසක් ද අවලංගු කර ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ. ඊයේ සවස චෙන්නායි ගුවන්තොටුපලේ ගුවන් පථයට ද ජලය ගලා ඒම හමුවේ  ගුවන්තොටුපල කටයුතු අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.  මෙම තත්වය හමුවේ මගීන් 400 කට වැඩි පිරිසක් චෙන්නායි ගුවන්තොටුපලේ රැඳී සිටින බව සඳහන්.  

එමෙන්ම දුම්රිය මාර්ග ජලයෙන් යටවීම හමුවේ දුම්රිය ගමන් වාර රැසක් ද අත්හිටුවා තිබෙනවා. එමෙන්ම ප්‍රධාන මාර්ග රැසක් ද ජලයෙන් යටවී ඇතැයි සඳහන්. දිස්ත්‍රික් 6 ක පාසැල් රැසක් ද වසා දමා තිබෙනවා. ජලයෙන් යටවු රෝහල් කිහිපයක රෝගීන් ද වෙනත් රෝහල් වෙත මාරුකර යැවීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇතැයි සඳහන්.

ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටීම හේතුවෙන් ජන ජීවිතයට ද බාධා මතුව තිබෙනවා.  දින කිහිපයක සිට පවතින වර්ෂාව සහ ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්වුවන්ට සහන සැලසීමට යුධ හමුදාව ද අනුයුක්ත කර  ඇති බවයි ඉන්දීය පුවත් සේවාවල දැක්වෙන්නේ.  මෙම ආපදා තත්වය හමුවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මරණයට පත්ව ඇති සංඛ්‍යාව 188 ක්. බෙංගාල බොක්කේ පවතින අවපීඩන තත්වයක් හේතුවෙනුයි ඉන්දියාවේ වෙරළාශ්‍රිත ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් හටගෙන ඇත්තේ. පසුගිය මාසයේ ද පැවති අඛණ්ඩ වර්ෂාව හමුවේ ඉන්දියාවේ ප්‍රදේශ රැසක ජන ජීවිතයට බලපෑම් එල්ලවී තිබුනා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories