යාපනයේ වධකාගාරයක් නැහැ

Thursday, 03 December 2015 - 9:15

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%B0%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
යාපනය - වරණි ප්‍රදේශයේ වධකාගාරයක් පවත්වාගෙන ගිය බවට හමුදාවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර පවසනවා.

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්  පසුගියදා ප්‍රකාශ කර තිබුණේ යුද හමුදාව අදාළ ප්‍රදේශයේ වධකාගාරයක් පවත්වාගෙන ගිය බවට තොරතුරු අනාවරණ කරගත් බවයි.  එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ සාමාන්‍ය වැසියන්ට අයත් නිවසක මෙම වධකාගාරය පවත්වාගෙන ගොස් ඇති බවයි.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories