සජින්ගේ රටයන සිහිනය බොඳවෙයි

Thursday, 03 December 2015 - 12:37

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B6%A7%E0%B6%BA%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B6%E0%B7%9C%E0%B6%B3%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන විදේශ ගතවීමට අවසර  ලබාදෙන ලෙසට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීම විනිසුරු ගිහාන් පිලපිටිය අද ප්‍රතික්ෂේප කළා.

2012 සිට 2014 දක්වා වසරවල වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකිරීම ඇතුලූ චෝදනා කිහිපයක් යටතේ අල්ලස් කොමිසම ගොනුකර තිබූ නඩුවකට අදාළව මොහුට එරෙහිව දැනට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

එම විදෙස් ගමන් තහනම ඉවත් කර තමාට විදේශගතවීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සජින් වාස් ගුණවර්ධන හිටපු මන්ත්‍රීවරයා අධිකරණයට මෝසමක්  ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත් මෙම මෝසම අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්‍ෂ රංජනී සෙනෙවිරත්න කියා සිටියේ සැකකරු ගැන අන්තර්ජාතික විමර්ශනයක් සිදුවන බැවින් ඔහු විදේශ ගතවුවහොත් ඊට බලපෑම් එල්ලවිය හැකි බවයි. මේ නිසා සැකකාර හිටපු මන්ත්‍රීවරයා විදෙස් ගතවීමට අවසර ලබාදෙන ලෙස  කරනු ලැබූ ඉල්ලීමට විරුද්ධවන බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.

එමෙන්ම සජින් වාස් ගුණවර්ධන හිටපු මන්ත්‍රීවරයාගේ බිරිඳටද මේ වනවිට විදෙස් ගමන් තහනමක් පනවා ඇති අතර, ඇය සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදුවන බව අල්ලස් කොමිසම තවදුරටත් අධිකරණයට දැනුම්දී තිබෙනවා.

ඒ අනුව කරුණු සළකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය සජින් වාස් ගුණවර්ධන හිටපු මන්ත්‍රිවරයා මෝසමක් මගින් කරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories