සිසුවියන් තුන්දෙනෙකු වස බී රෝහලේ

Thursday, 03 December 2015 - 12:55

%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%83+%E0%B6%B6%E0%B7%93+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
කොත්මලේ - රම්බොඩ ප්‍රදේශයේදී වස පානය කළ පාසල් සිසුවියන් තුන්දෙනෙක් ගම්පොල මහ රෝහලට අද උදෑසන ඇතුළත් කර තිබෙනවා.

රම්බොඩ - කෙමිණිතැන්න ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවියන්ගේ වයස අවුරුදු 16 ක්. රම්බොඩ - හින්දු මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන මොවුන්, ලබන 8 වනදා ආරම්භවන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත බවද වාර්තාවනවා.

මෙම සිසුවියන් තිදෙනා අද පෙරවරුවේ පාසල් යෑම සඳහා නිවසින් පිටත්ව ඇති අතර ඉන් අනතුරුවයි වස පානය කර ඇත්තේ. බරපතල තත්ත්වයේ පසුවූ සිසුවියන් තුන්දෙනා කොත්මලේ නව නගර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ගම්පොල මහ රෝහලට මාරුකර යැවුණා.

පාසල් සිසුවියන් තිදෙනා වස පානය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories