ඇගලුම් සේවිකාව ඝාතනයේ තරුණයා පෙම්වතිය එක්ක වස බොයි

Thursday, 03 December 2015 - 17:10

%E0%B6%87%E0%B6%9C%E0%B6%BD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B7%80%E0%B7%83+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BA%E0%B7%92
මහියංගනය - ගැමුණුපුර ඇඟළුම් කම්හලක සේවිකාවක් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු සහ ඔහුගේ 15 හැවිරිදි පෙම්වතිය වස පානය කර තිබෙනවා.

මහියංගනය - අත්තකැටියාව - සෙනසුන්ගල පර්වතය මුදුනේදී අද (03) දහවල් මොවුන් වස පානය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු එම ස්ථානයේ සිටින බවට ලැබුණු තොරතුරක් මත ඔහුව අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරීන් ඉදිරිපිට අදාළ සැකකරු සහ ඔහුගේ පෙම්වතිය වස පානය කර තිබෙනවා.

පසුගිය පළමුවැනිදා රම්‍යා විදර්ශනී නැමැති ඇඟළුම් කම්හල් සේවිකාව සිය නිවස කරා යමින් සිටියදී අදාළ සැකකරු විසින් අපයෝජනයට ලක්කර ඝාතනය කර තිබුණා. වස පානය කළ සැකකරු සහ ඔහුගේ පෙම්වතිය මේ වනවිට මහියංගනය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories