ගල්ගමුව - ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිගේ සල්ලි ගැරිල්ල (දෙවන කොටස)- හිරු CIA

Thursday, 03 December 2015 - 19:33

%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80+-+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%28%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%29-+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+CIA
හිරු CIA  හරහා අප මීට පෙර හෙළි කළේ වයඹ පළාතට අයත් ගල්ගමුව - ජනාධිපති විද්‍යාලයට 2016 වසර සඳහා පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේදී සිදුවන අක්‍රමිකතාවක් පිළිබඳවයි.

පාසල ඉදිරිපිට සිල්ලර භාණ්ඩ අලෙවි සැලකට රුපියල් 7000 බැගින් මුදල් ගෙවූ පසු දරුවන් පාසලට ඇතුළත් කර ගන්නා බව ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිවරයා දෙමාපියන්ට පවසා තිබුණා.

අප කළ සොයා බැලීමේදී හෙළි වූයේ අභියාචනා හරහා ළමුන් පාසලට ඇතුළත් කර ගැනීමේදී රුපියල් 10000ක  මුදලක් අය කරනා බවයි.
එය සෘජුව විදුහල්පතිවරයා ඉල්ලා සිටි බව දෙමාපියන් පවසා සිටියා.

අප අභියාචනයක් හරහා දරුවෙකු පාසලට ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බව පවසා පසුගිය සෙනසුරාදා ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිවරයා මුණ ගැසුණා.
එහිදී හෙළි වූයේ සිල්ලර භාණ්ඩ අලෙවි සැලේ මුදල් එක්රැස් කිරීම විදුහල්පතිවරයාගේ උපදෙස් මත සිදුවන බවයි.
 
රුපියල් 7000 ගෙවීමේදී ලදුපතක් ඉල්ලා සිටින  දෙමාපියන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ද ලබාදෙන දඩුවම පිළිබඳව ද විදුහල්පතිවරයා මෙහිදී හෙළි කළා.

ගල්ගමුව - ජනාධිපති විද්‍යාලයේ දරුවන් ඇතුළත්  කර ගැනීමේදී සිදුවන මුල්‍ය අක්‍රමිකතාව අප රටට හෙළි කර අවසානයි.

වයඹල අධ්‍යාපන බලධාරින් මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග කවරේද?

හිරු CIA  අවධානයෙන්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories