සාගරයම රැක්කත්, කොටින් අවි ගෙනාවා - හිටපු නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක

Friday, 04 December 2015 - 7:52

%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B6%B8+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%8F+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B6%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A
පසුගිය යුද සමයේ නාවික හමුදාව විසින් සමස්ත සාගරයම ආරක්ෂා කළද එල්.ටී.ටී.ඊ. සංවිධානය යුද උපකරණ මුහුදු මාර්ගයෙන් ගෙන්වා ගත් බව හිටපු නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක පවසනවා. ඒ, බරපතල වංචා විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (03) සාක්ෂි ලබාදෙමින්.

ඊයේ කොමිසමේ වැඩකටයුතු ආරම්භ කෙරුණේ එයට එරෙහිව ගොනුකළ විරෝධතා 03 ක් නිශ්ප්‍රභ කරමින්.

ඒ අනුව මෙම විශේෂ ජනාධිපති කොමිසමට ඇවන්ට්ගාඩ්  සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නෛතික බලයක් නොමැති බවටත් හිටපු ආරක්ෂක ලේකම්වරයා හා හිටපු නාවික හමුදාපතිවරුන් කමිටුව හමුවට කැඳවා ප්‍රශ්න කිරීමට බලයක් නොමැති බවටත් ගොනුකළ විරෝධතා ඉවත දැමුණා.

ඊට අමතරව රක්නා ලංකා සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මෙම කමිටුව හමුවට කැඳවීමට නෛතික බලයක් නොමැති බවට ගොනුකළ විරෝධතාවයත් ප්‍රතික්ෂේප කෙරුණා. ඊයේ කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් හිටපු නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක සඳහන් කර සිටියේ පසුගිය යුද සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය ඔවුන්ට අවශ්‍ය නැව්, කාලතුවක්කු, සබ්මැරීන් ඇතුළු යුද උපකරණ මෙරටට ගෙන්වීම සිදුකර ඇත්තේ මුහුදු මගින් බවයි.

එම සමයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සමස්ත සාගර කලාපයම ආරක්ෂා කළ නමුත්, එම ක්‍රියාකාරකම් සහමුලින් මර්දනය කිරීමට නොහැකි වූ බව හිටපු නාවික හමුදාපතිවරයා සඳහන් කළා. එමෙන්ම, තම ධුරය අවසන් කාලයේ ඇවන්ට්ගාඩ් ආයතනයට පාවෙන අවි ගබඩාවක් තබා ගැනීම සඳහා වන ආරක්ෂක අමාත්‍යාංශ යෝජනාවට අනුමැතියක් ලබාදුන් බවත් අද්මිරාල් සෝමතිලක දිසානායක එහිදී සාක්ෂි ලබාදෙමින් කියා සිටියා.

එමෙන්ම, ඇවන්ට්ගාඩ්  සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මෙම ව්‍යාපාරය හරහා එතෙක් ශ්‍රී ලංකාවට විවර නොවී තිබූ නව ආදායම් මාර්ගයක් විවෘත කළ බවද ඔහු කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් සඳහන් කළා.

හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක 2012 වසරේ සැප්තැම්බර් 21 වනදා විශ්‍රාම ගිය අතර, ඉන් දින 03 කට පසු ඔහු ඇවන්ට්ගාඩ්  ආරක්ෂක සමාගමේ උපදේශකයෙකු ලෙස සේවයට එක්ව තිබෙනවා. ඒ මසකට රුපියල් ලක්ෂ 30ක වැටුපකටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories