සංකේත වැඩ වර්ජනය අද උදෑසන 8 ට අවසන්

Friday, 04 December 2015 - 8:31

%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%9A%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%8B%E0%B6%AF%E0%B7%91%E0%B7%83%E0%B6%B1+8+%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
මෙවර අයවැයෙන් රාජ්‍ය සේවයේ වරප්‍රසාද කප්පාදු කර ඇති බව පවසා රජයේ වෛද්‍යවරුන් ඇතුළු දීපව්‍යාප්ත සේවාවන් 19 ක වෘත්තිකයන් ආරම්භ කර තිබූ සංකේත වැඩවර්ජනය අද (04) උදෑසන 08 ට අවසන් කරන බව දීපව්‍යාප්ත සේවා විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසනවා.

එහි සභාපති, වෛද්‍ය නිමල් කරුණාසිරි කියා සිටියේ තම ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවේ වෘත්තීය සමිති රජය වෙන වෙනම ගෙන්වා සාකච්ඡා කර තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඩපන කිරීමේ සූදානමක් පවතින බවයි.

මේ අතර, අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද දිනයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවීමට නියමිතව ඇති අතර, ඉන් පසුව ඔවුන්ගේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක්ද පැවැත්වීමට නියමිත බවයි එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories