ත්‍රස්තවාදීන්ට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය තහනම්

Friday, 04 December 2015 - 13:19

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පුද්ගලයන් සහ එවැනි සංවිධාන වෙනුවෙන් සටන්වල නිරත වූ පුද්ගලයන්ට  ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය අහෝසි කිරීමේ නීතියක් එරට පාර්ලිමේන්තුව සම්මත කර ගෙන තිබෙනවා.

එම පියවර පැහැදිලි කරමින්  ඕස්ට්‍රේලියානු නීතිපති ජෝර්ජ් බ්‍රැන්ඩිස් ප්‍රකාශ කළේ ඒ සඳහා දැනට පවතින නීති ත්‍රස්තවාදයේ නව මුහුණුවරට අනුකූල ලෙස සංශෝධනය කර ඇති බවයි. 

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව ඊයේ සම්මත කර ගැණුනු නව නීතියට අනුව, ත්‍රස්තවාදී චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන්ට එරට ද්විත්ව පුරවැසිභාවය ද අහිමි වනවා. ලෝකයම ත්‍රස්තවාදී තර්ජනයකට මුහුණදෙන අවස්ථාවක මෙලෙස රට තුළ ඊට එරෙහි නීති දැඩි කිරීම අවශ්‍යතාවක් බවත්,  ඕස්ට්‍රේලියානු නීතිපතිවරයා අවධාරණය කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories