ධාවනය කෙසේදැයි විමසන කන්ටේනරය මවක් යට කරයි (ඡායාරූප)

Friday, 04 December 2015 - 20:14

%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B7%83%E0%B7%9A%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B6%B1+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A%E0%B6%B1%E0%B6%BB%E0%B6%BA++%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මාතලේ දිසාවේ සිට දඹුල්ල බලා ධාවනය වෙමින් තිබූ  කන්ටේනර් වර්ගයේ් ලොරි රථයක ගැටීමෙන් නාඋල - නාලන්ද උඩුදෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි හැත්තෑ දෙහැවිරිදි පස්දරු මවක ජිවිතක්ෂයට පත්වෙයි.

කන්ටේනරය, වම්පස මංතීරූවෙන් දකුණු පසට ධාවනය කර ඇති බව  නාඋල පොලිසිය කියයි.

අපරික්ෂාකාරි  ධාවනයේ  දී  වැලී තීරුවේ සිටි කාන්තාව ද  යටකර ගෙන - ත්‍රී  රෝද රථයක ද  ගැටී ඇති බවයි පොලිසිය පවසන්නේ.   

අනතුරින් මියගොස් ඇත්තේ උඩුදෙනිය නාලන්ද ලිපිනයේ පදිංචිව සිටි දෙමටගස් ගෙදර සෝමාවති නැමැති කාන්තාවකි.

පිරිමි දරුවන් සිවි දෙනෙකු හා දියණියකගේ මවක් වන ඇය ප්‍රදේශයේ සමාජසේවාවන්හි  නිරත කාන්තාවක් බව ද ප්‍රදේශවාසීහු පවසති.

‘‘ මේ අම්මා ජිවත්වුනේ අපේ අල්ලපු ගෙදර. අම්මා පාරට ගොඩවෙන්නවත් හම්බවුනේ නෑ. ලොරිය පාරේ අනිත්පැත්තෙන් ඇවිල්ලා  අම්මත් යටකරගෙන නතර වුනේ ..."

"මේ වගේ රියදුරන්ට නිසි දදඬුවම්  දෙන්න  ඕනෑ. අපි රියදුරාට ගහන්න ගියේ නැ. වාහන ගිනි තිබ්බේ නෑ. එත් අහිංසක අම්මා කෙනෙක් නැතිවුනා....’’

ගැටුනු  ත්‍රි රොද රථයේ හිමිකරු  පවසන්නේ....

‘‘ උදේ නවයයි තිහට විතර පාරේ විරුද්ධ පැත්තෙන් ඇවිත් - අම්මගේ වැදිලා මගේ ත්‍රි රෝද රථයෙත් වැදුනා. ඉතාම අපරික්ෂාකාරි විදිහට තමයි මේ රියදුරා රථය පැදෙව්වේ...’’



 






(ඡායාරූප - ඉන්දික අරුණ කුමාර, නාඋල )


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories