සුරැකුම්පත් කොමිසමේ අක්‍රමිකතාවක් - දෙදෙනෙකු අත්අඩංගුවට

Friday, 04 December 2015 - 20:49

%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ සිදුවූ රුපියල් ලක්ෂ 50ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සිදුකළ විමර්ශනවලට අදාළවයි.

අත්අඩංගුවට ගත් දෙදෙනා අතර එම කොමිසමේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන ධම්මික මංජිර පෙරේරා ද සිටිනවා.

අනෙක් පුද්ගලයා එක්තරා පෞද්ගලික ආයතනයක ප්‍රධානියෙකු වන රොනී ඊබ්‍රාහිම් නමැත්තෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

 ඔවුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 7 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories